Note: Join our WhatsApp group for more updates.
WhatsApp Group Link - Click_Here
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරුප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 – I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම - 2026
උපාධිධාරීන් 23,006ක් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 – I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සදහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් වෙතින් සහ රාජ්‍ය සේවයේ නියුතු නොවන උපාධිධාරීන් වෙතින් අයඳුම්පත් කැඳවා 2026.05.24 දින විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද ලිඛිත විභාගය මත, පළමු අදියර යටතේ සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලබා ඇති අයඳුම්කරුවන්ගේ නාම ලේඛන අද දින සිට මෙම අමාත්‍යංශයේ වෙබ් අඩවියෙහි පළ කර ඇත.
අයඳුම්කරුට පදිංචි පළාත ලෙස අයඳුම්පතේ දක්වන ලද පළාතට අදාලවන ගොනුව වෙත මෙම දිගුව ඔස්සේ පිවිස ඒ අනුව තමන් අයඳුම්පත් යොමු කරන ලද ගැසට් පත්‍රයට අදාළ ව විභාගයට පෙනී සිටි මාධ්‍ය අනුව පළකර ඇති නාම ලේඛනය පරීශීලනය කර විභාග අංකය/ ජාතික හැඳුනුම්පත් අංකය යොදා සෙවීමි කිරීම මගින් මෙම අදියරේදී සුදුසුකම් ලබා ඇති/නැති බව තහවුරු කරගත හැකිය.
අයඳුම්කරුවන් මෙම ලේඛන සමග ලබාදී ඇති සියලු ම උපදෙස් ලේඛන අනිවාර්යයෙන්ම කියවා බැලිය යුතුය. සුදුසුකම්ලාභීන්ට දක්වා ඇති උපදෙස් පරිදි උපාධිය ලද විශ්වවිද්‍යාල වෙතින් ලේඛන ලබාගැනීමට ඇත්නම් 2026.10.20 දිනට පෙර එම විශ්වවිද්‍යාල වෙත අයඳුම් කළ යුතුව ඇත.
තවද, මෙම සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් මස පැවැත්වීමට සැලසුම් කර ඇත. සුදුසුකම්ලාභීන් සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවන ස්ථානය/දිනය හා වේලාව ඇතුළත් කැඳවීම් ලිපි ඉදිරියේදී තැපැල් මගින් යොමු කරන අතර, මෙම මස අවසානයේදී මෙම අමාත්‍යාංශයේ සහ අදාළ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවි හරහා ද එකී සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන කාලසටහන් හා අදාළ තොරතුරු පළකරනු ලබන බවත් දන්වමි.
නාලක කලුවැව
ලේකම් - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය

.jpg)